Administrative problems

Sunday, July 18, 2010

Estate people are mostly living in Galle and Matara districts. They are facing lots of administrative problems. Specially they have to face so many problems because still they didn’t get their national identity cards and  birth certificates. So they are facing so many difficulties. Officers in that area didn’t take any solutions for this.

ගාල්ල හා මාතර දිස්ත්‍රික්කයන්හි වතු ජනයා වැඩි වශයෙන් ජීවත් වෙති. මෙම ජනතාව මුහුණ දෙනු ලබන පරිපාලනමය ගැටළු බොහෝය. ජාතික හැදුනුම්පත් නොමැතිකම, උප්පැන්න සහතික නොමැතිකම නිසා විවිද ගැටළුවලට මුහුණදීමට මෙම ජනතාවට සිදුව තිබේ. මේ නිසා ඡන්ද අයිතිය, බැංකු කටයුතු, වෙනත් පරිපාලනමය අවශ්‍යතාවන් ඉටුකරගැනීම මේ ජනතාවට අසීරුවී තිබේ. වතු අධිකාරි වරුන්ගේ හා ප්‍රදේශයේ පරිපාලනය භාරව කටයුතු කරනු ලබන නිළධාරීන්ගේ උනන්දුව ප්‍රමාණවත් නොවීම මෙයට සෘජුව බලපා තිබෙන බව වතු ජනතාව පවසති.

Informal Development in Urubokka

Sunday, July 11, 2010

Urubokka situated in Pasgoda DS Division and it’s in Matara District. It’s 60 KMs far from Matara. In the present there is no bus stand and road facilities in this area. Also infrastructure facilities are doesn’t develop for long time. People are requesting from the government to do quick development programs to this village.

මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඌරුබොක්ක නගරය පිහිටා ඇත. මාතර සිට 60 Km දුරක් පවතී. ඇඹිලිපිටිය නගරයේ සිට 34 Km කි. යටිතල පහසුකම් කිසිවක් මෙහි සංවර්ධනයවී නොමැත. තේ අ‍ාර්ථිකය මත පදනම්වු නගරයකි. දැනට මෙම නගරයේ බස් නැවතුම්පොල, මාර්ග පහසුකම් කිසිවක් නොමැත. නගරයට පැමිණෙන ජනතාව‍ට ගැටළු රැසකට මුහුණදීමට සිදුවෙති. නගරයේ පවතින ඉඩපහසුකම්ද ප්‍රමාණවත් නොවේ. නගරය තුල කඩිනම් සංවර්ධන වැඩපි‍ළිවෙලක අවශ්‍යතාව නාගරිකයන් පෙන්වා දෙති.

Informal Bus Service

Sunday, July 11, 2010

Penetiyana and Bathalehena are two rural villages in Weligama. People’s transportation needs are controling by the Akuressa depo. There is a one bus running from Akuressa to Weligama through Penetiyana and Bathalehena villages. This bus have to run one trip after 6 p.m. but it’s not running on time. Because of this problem people who coming to Matara, Galle, Weligama are having huge problems when they going back to their homes.

පැනෑටියන හා බතලහේන ග්‍රාමීය ප්‍රදේශයන් දෙකකි. මෙම ප්‍රදේශවල ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලනු ලබන්නේ අකුරැස්ස ඩිපෝව මගිනි. අකුරැස්ස සිට පැනෑටියන, බතලහේන හරහා වැලිගම දක්වා බස් රථයක් ධාවන කෙරේ. නමුත් මෙම බස් රථය සවස 6න් පසුව එක් ගමන් වාරයක් ධාවනය කිරීමට තිබුනද එය නියමිත වේලාවට ධාවනය නොකරයි. මේ හේතුවෙන් ගාල්ල, වැලිගම හා මාතර වැනි ප්‍රදේශවලට පැමිණ නැවත නිවෙස් බලා යන ජනතාවට විවිද ගැටළුවලට මුහුණදීමට සිදුව තිබේ. මේ පිළිබදව අකුරැස්ස ඩිපෝව දැනුවත් කිරීමෙන් පසුව ඉක්මන් විසදුම් ලබාදීමටද තීරනය කර ඇත.

Disable’s Rights – Profile and Audio Post Card

Sunday, July 11, 2010

Disabler’s are special group in our society. They also have rights. But disable’s are saying their rights are disentitle mostly in public places, home and etc. This is a story about experience of an one disable person.

ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් වෙනනම අයිතිවාසිකම් සමූහයක් තිබේ. නමුත් එම අයිතිවාසිකම් නිසි ලෙස ආරක්ෂානොවන බව ආබාධිත පුද්ගලයන් පෙන්වා දෙති. පොදු ස්ථාන, මහා මාර්ගය, නිවස වැනි ස්ථානවලදී ආබාධිතයන්ගේ අයිතිවාසිකම් කඩවන අවස්ථාවන් බොහෝමයක් තිබේ. එවැනි අයිතිවාසිකම් කඩවු ආබාධිතයකුගේ තොරතුරු.

Reconstructing roads in rural areas

Sunday, July 11, 2010

So many rural roads are developed by the government under the expeditious development program. The Government spent more than hundred thousand rupees for one rural road. But contractors or people who are doing road constructions make huge corruptions, and they didn’t do reconstructs properly.

පවතින රජයේ කඩිනම් සංවර්ධන වැඩපිළිවෙලවල් යටතේ බොහෝ ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරනය කරනලදී. මාර්ගවල තාර දැමීම හා කොන්ක්‍රීට් කිරීම මෙමගින් සිදුවිය. එක් මාර්ගයකට රුපියල් ලක්ෂයකට වැඩියෙන් මුදල් ප්‍රතිපාදන වෙන්විය. නමුත් මාර්ග ප්‍රතිසංස්කරනය කිරීමේ අවිධිමත් ලෙස එය සිදුකර තිබේ. මාර්ග ප්‍රතිසංස්කරන කර මාස කිහිපයක් ගතවන විට නැවත පෙර තිබු තත්වයට පත්ව තිබේ. මහජන මුදල් නිකරුනේ වියදම්කර ඇති බව ජනතාව පෙන්වා දෙති.

Thursday, July 8, 2010

රැකියා විරහිත තරුණ තරුණියන්ට මුල්‍ය ආයතන මගින් ලැබෙන වරප්‍රසාද පිලිබද වැඩසටහනක්

Transport problems in Deniyaya Sellakanda Estate

Sunday, July 4, 2010

Sellakanda tea estate is in Kotapola DS Division. Most of people are labours in this tea estates. People have to enter to this estate through a canel. But this bridge is destryoed by the flood in year 2003. There is a temporary bridge, but it’s not strong. So people in this area are facing so many transportation problems.

සෙල්ලකන්ද වතු කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහි‍ටා තිබෙන වතු යයකි. මෙහි වැඩි වශ‍ෙයන් ජීවත්වෙනු ලබන්නේ තේ ආර්ථිකයෙන් යැපෙන වතු කම්කරු ජනතාවක්ය. මෙම වත්තට පිවිසීමට සිදුව තිබෙන්නේ දොළ පාරක් හරහාය. නමුත් 2003 වර්ෂයේ පැවති ගංවතුර තත්වය නිසා මෙම දොළ හරහා ඉදිකර තිබු පාලම විනාශවී ඇත. ඒ මත කිසිම දෙයක් ප්‍රවාහනය කිරීමට නොහැක. දැනට ලෑලිවලින් තනාගත් තාවකාලික පාලමක් මතින් පාගමින් ගමන් කරයි. මීට අමතරව ප්‍රදේශය තුල ප්‍රවාහන ගැටළු රාශියක් තිබේ.