Narawelpita Water Project
Drinking water is very important to everybody. But people in some areas, they don’t have drinking water facility. Specially people in Narawelpita East have to face drinking water problem. In April 12th, 2008 community water and sanitation project started new community water project in this area to resolve the drinking water problem. But today this project was interrupted.
පානීය ඡලය යනු මුලික මිනිස් අවශ්‍යතාවයකි. ඇතැම් ප්‍රදේශ වල ඡීවත් වන ඡනතාවට පානීය ඡලය ලබා ගැනීමට ඉතා වෙහෙසක් දැරීමට සිදු වෙයි. එවැනි ප්‍රදේශයක් ලෙස හක්මණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නරවැල්පිට නැගෙනහිර ප්‍රදේශය හැදින්විය හැකිය. මෙය ඉතා දුෂ්කර භූමියක පිහිටි ප්‍රදේශයකි. මෙම ප්‍රදේශයේ ඡීවත් වන ඡනතාවට පානීය ඡලය ලබා ගැනීම දුෂ්කර කාර්යයකි. මෙම තත්වය අවම කර පානීය ඡලය ලබා දීම සදහා ඡල ව්‍යාපෘතියක් ප්‍රඡා ඡලසම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය මගින් ආරම්භ කලේ 2008 අප්‍රේල් මස 12 වැනිදාය. මේ සදහා ප්‍රදේශයේ ඡනතාවගෙන්ද මුදල් ලබා ගෙන තිබුණි. මේ වන විට මෙම ව්‍යාපෘතිය අතරමග නවතා දමා ඇත. මේ නිසා ඡනතාව බලාපොරොත්තු වු පානීය ඡල අයිතිය මෙන්ම ලබා දුන් මුදල්ද අහිමි වී ඔවුන්ගේ ආර්ථික අයිතියට බලපෑම් එල්ල වී තිබේ.
