Elders Rights – Package & Audio Post Card

Sunday, July 25, 2010

Elder generation is a very special group in our society. But sometimes people doesn’t care about these elders. They also have some special rights. In this package we are  discussing about these elder generation and their rights.

වැඩහිටියන් සමාජයේ ගරු කලයුතු කණ්ඩායමකි. මොවුන්ට වෙන්වූ අයිතිවාසිකම් සමූහයක්ද තිබේ. නමුත් මෙම වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් නිසිලෙස රැකෙනවාද යන්න ගැට‍ළු සහගතය.

Problems for Devinuwara fishing community

Sunday, July 25, 2010

Devinuwara is a very famous for fishing industry. So many labours working in the Devinuwara harbour. Devinuwara harbour was developed after the Tsunami. But still fishermans in this area are facing lots of problems.

දෙවිනුවර ධීවර කර්මාන්තයට ප්‍රසිද්ධ ප්‍රදේශයකි. දැනට දෙවිනුවර ධීවර වරාය උපයෝගී කරගෙන ධිවර කාර්මිකයන් විශාල ප්‍රමාණයක් රැකියාවේ යෙදෙති. සුනාමියෙන් පසුව දෙවිනුවර ධිවර වරාය සංවර්ධනය කලද මේවන විට ගැටළු රැසකට මුහුණදීමට ධීවර ජනතාවට සිදුව තිබේ.

Infrastructure facilities in Panakaduwa

Sunday, July 25, 2010

Panakaduwa is an ancient village belongs to the Pasgoda DS Division. People who are living in this area are facing so many infrastructure difficulties. Specially they don’t have proper road facilities, Education facilities, health facilitiesand etc.

පස්ගොඩ ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයට අයත් පනාකඩුව ‍ෛඑතිහාසික ගමකි. මෙහි ජනතාව ය‍ටිතල පහසුකම් රැසක් නොමැතිව ගැටළු රැසකට මුහුණ දෙති. මාර්ග, අධ්‍යාපන, සෞඛ්‍ය, යටිතල පහසුකම් ආදී පහසුකම් නොමැතිකම මෙහි ජනතාවට මුහුණදීමට සිදුව තිබෙන ගැටළු අතර ප්‍රධාන වේ.

Effort taken by the police to protect rights

Sunday, July 25, 2010

Koramburuwana, Ransegoda rural villages are belongs to the Mulatiyana DS Division. Kamburupitiya police has organized a program to protect rights of people who are living in these areas like providing health facilities, starts awareness programmes of rights, resolving problems, etc.. Purpose of this program is protecting people’s rights and build up good connection between police and people in rural level.

කොරඹුරුවාන, රන්සෑගොඩ වැනි ගම්මාන මුලටියන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටා තිබෙන දුෂ්කර ගම්මාන කිහිපයකි. මෙහි ජීවත්වන ජනතාවගේ අයිතිවාසිකම් සුරකීමට කඹුරුපිටිය පොලීසිය මගින් වැඩසටහනක් සංවිධානය කර තිබුනි. මේ අනුව සෞඛ්‍ය සේවා පහසුකම් ලබාදීම, මෙතෙක් රාජ්‍ය ආයතන මගින් නොවිසදුනු ගැටළු විසදීම, අයිතිවාසිකම් පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආදී වැඩසටහන් රැසක් අදාල ප්‍රදේශයතුල ක්‍රියාත්මක විය. ග්‍රාමීය මට්ටමින් ජනතාවගේ අයිතිවාසිකම් සුරකීම හා පොලිස් සේවය මහජනයාට වඩා මිත්‍රශීලී සේවාවක් බවට පත්කිරීම මෙහි අරමුණවී තිබුනි.

Water facility for Ransegoda people

Sunday, July 18, 2010

Ransegoda area is belongs to the Mulatiyana DS Division. More than 60 families are living in this area. Last 20th June 2010 we discussed about water problem in this area through our 74th LVR program. After the program Mulatiyana DS Division planning to solve this problem. People living in Ransegoda saying they got water facility because of our LVR program.

මුලටියන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ රන්සෑගොඩ අක්කර 18 ප්‍රදේශයේ ජනතාව මුහුදෙණ පානීය ජල ගැටළුව පිළිබදව ජූනි 20 වැනිදා ප්‍රජා හඩ 74වැනි ‍වැඩ සටහනෙන් පෙන්වාදෙන ලදී. වැඩසටහනෙන් පසුව මෙම ප්‍රදේශයට පානීය ජලය ලබාදීමට මුලටියන ප්‍රාදේශීය ලේකම්කාර්යාලයේ අවධානය යොමුවී තිබේ. මේවනවිට එම කටයුතු සිදුකරමින් පවතී. ප්‍රජා හඩ වැඩ සටහන නිසා තමන්ට ජල අයිතිය ලැබුනු බව අක්කර 18 ජනතාව පවසයි.

Traditional Low Country Dancing Artists

Sunday, July 18, 2010

Dancing is a very important art. Some kind of dancing are very old and traditional. But in the present these arts are leaving from our society. Anybody doesn’t care about these artists. The Government didn’t start any proper program for dancing artists welfare.

නර්තනය මානසික සුවය ලබාදෙන කලාවකි. පාරම්පරිකව නර්තන කලාව පැවතෙමින් තිබේ. නමුත් මේවන විට පහතරට නර්තන සම්ප්‍රධාය සමාජයෙන් ඈත්වෙමින් පවතී. පාරම්පරික පහතරට නර්තන ශිල්පීන් පිළිබදව කිසිදු අවධානයක් යොමුනොවී පවතී. රාජ්‍ය මැදිහත්වීම ප්‍රමාණවත්ව නොලැබේ. නර්ථන ශිල්පීන්ගේ සුභ සාධනය වෙනුවෙන් කිසිදු වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොවේ. පහතරට නර්තන කලාවේ මාතර සම්ප්‍රධාය පාසල් විශය නිර්දේශයෙන්ද ඈත්වෙමින් පවතී.

Discussion – Violate rights when admission for the grade one students

Sunday, July 18, 2010

Mr. D. M. R. Dissanayaka – Regional Coordinator, Human Rights Commission in Matara will discuss about this.

පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කිරීමේදී සිදුවන අයිතිවාසිකම් කඩවීම් හා ඒවා වලක්වාගැනීමට ගතහැකි පියවරයන් පිළිබදව දැනුවත් කෙරෙන සාකච්ඡාමය විශේෂාංගය. සහභාගිත්ව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ ප්‍රාදේශීය සම්බන්ධීකරන නිළධාරී ඩී එම් ආර් දිසානායක මහතා